රටේ දරු පරපුරට කවදත් හොඳම දේ තිළිණ කරන හිරු මාධ්‍ය ජාලය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධාන කළ “හිරු දරුවෝ - 2025” විශේෂ ළමා වැඩසටහන ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ ආරම්භ වුණා.
දිවයිනේ නන්දෙසින් දරුදැරියන් විශාල පිරිසක් මේ වැඩසටහනට එක්ව සිටි අතර ඔවුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක්ම සංවිධාන කර තිබුණා.
දරුවන්ගේ රසාස්වාදය වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ හපන්කම් ඇගයෙන ක්‍රීඩා සහ විනෝදාස්වාද අංග රැසකින් මෙවරත් හිරු දරුවෝ වැඩසටහන සමන්විතයි.
දිවයිනේ නන්දෙසින් පැමිණෙන දරුවන් එම සුන්දර අත්දැකීම් විදගැනීමට ද අවස්තාව හිමි වූ අතර සංගීත කණ්ඩායම් දෙකක සංගීතය රසවිඳින්නටත් මපට් සංදර්ශන, මැජික් සංදර්ශන මෙන්ම සර්කස් සංදර්ශන නැරඹීමේ අවස්ථාවත් මෙහිදී පුංචි දරුවන්ට උදා වුණා.
එමෙන්ම, හිරු ටීවී ඔස්සේ විකාශය වන ”අකුරට යන වෙලාවේ”, ”රොන් සොයා”,”පාට කුරුල්ලෝ” ඇතුළු ටෙලි නාට්‍යවල ජනප්‍රිය තරු සමග ඡායාරූප ගැනීමට වගේම ඔවුන් සමග කතාබහ කිරීමටත් පොඩිත්තන්ට අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
ඊට අමතරව හිරු පොඩි වැඩ්ඩෝ වැඩසටහනට කටකාර පොඩ්ඩන් තෝරා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ද මෙහිදී පැවැත්වුණේ දරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.
ලෝක ළමා දිනය වෙනුවෙන් හිරු ටීවී දීපව්‍යාප්තව සංවිධාන කළ චිත්‍ර තරගයෙන් තෝරාගත් චිත්‍ර 80 ක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ අතරින් කාණ්ඩ දෙකක් යටතේ තෝරාගත් ජයග්‍රාහක දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානයත් සිදුවුණා.